Search This Blog

Monday, May 30, 2011

පැණි මොර

පැසුණු මොර පොකුරක්.
මොර ඉතාම දුර්ලභ පලතුරක්
කලකට ඉහතදීනමි සුලභව හමුවුනාට
දැන්නමි හමුවෙන්නේ කලාතුරකින්.

අඩි 30 ක් 40 ක් තරමි උසට හැදෙන ගසේ
අතුවල අග්ගිස්සේ තමයි ඵල දරන්නේ.

පොල් අතු වලින් හදාගත්තු කූඩු ඇතුලට
මොර පොකුරු ඇතුල් වෙන විදිහට ගැටගැහුවාම
කුරුල්ලන්ගෙනුත් පරිස්සමි වෙනවා
මොර ගෙඩියෙ තරමත් ලොකු වෙන‍වා.

කළු පාටට හුරු තද ඇටයත්
පොත්තත් අතරේ පිරුනු
ඉතාමත් ප්‍රනීත සුඹුල තමයි
ආහාරයට ගන්නේ.