Search This Blog

Saturday, May 25, 2013

ගොනාට ඇන්දවීම සහ ගොනාට ඇඳගනීම




       වෙළඳ ව්‍යාපාරික ආයතන හා ඒවායේ දැන්වීම් නිර්මාණක ආයතන විසින් ලාබෙට කපා මසා මසා දෙන ඕනෑම ගොන් කබායක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිවම ඇඳගන්නා තරමට අඳ බාල තත්වයට ඇදවැටී ඇති ශ්‍රී ලංකාවේ මාද්‍ය භාවිතාව පිළිබඳව තවත් හොඳ ඉදිරිපත් කිරීමක් කරමින්  මේ දිනවල නැවත නැවත ප්‍රචාරය වන වන භෞද්ධ භික්ශූන් වහන්සේ නමක්  තම සිරුරට ගිනිතබාගැනීමේ දර්ශන දැකීමෙන් සියොළඟ කිලිපොලා ගියමුත් කොලිවුඩ් සිනමා පටයක් දැකීමෙන් වන ආනන්දයට පත්වීමද එකවර සිදුවු නිසා ලියන්නට පෙළඹවීමක් ලදිමි.
       අලුත්ම සජීවී (පුවත්) නාට්‍ය කලාවක් ලොවට හඳුන්වාදෙමින් උක්ත නාලිකා විසින් නිෂ්පාදනය කර විකාශනය කරන පුවත් නාටක කැබලි  ගොන්නට ඉහත දර්ශන පෙළත් ඇදවැටෙන බව මගේ හැගීමයි.
       ඉතාමත් වටිනා තරුණ ජවසම්පන්න ජීවිතය මනා සධ්භාවයකින් යුතුව පරාර්ථකාමී බලාපොරොත්තු කීපයක් පෙරදැරිව කැපකිරීමට ගත් තීරණය ඉහත මාද්‍ය සංදර්ශනකාරයන් විසින් තම තමන්ගේ නාලිකාවල බාල ලාභ අපේක්ෂාවෙන් කීතුකීතුකොට විනාශකර දැමූ බව මාගේ හැගීමයි. පොදු මාද්‍ය නාලිකාවක දර්ශන පෙළගැස්වීමක් කලයුත්තේ කෙලෙසදැයි ඇති පිළිගත් සියලු මාද්‍ය සදාචාර නීති රීති අමු අමුවේ කෙලෙසා දමමින් ඉතාමත් සංවේදී දර්ශන රැසක් අන්තර්ගත ඉහත වීඩියෝ දර්ශන පෙළ කිසිම සංස්කරණයකට ලක් නොකොට (?) නැවත නැවත පෙන්වීමෙන් අදාල නාලිකා බලාපොරොත්තු වන්නේද ඉහත වෙළඳ ව්‍යාපාරික ආයතන විසින් බලාපොරොත්තුවන ලාබ ප්‍රචාරණ වාසියම මිස වෙනකක් නොවන බව හොඳින්ම පසක්වේ.
      තවමත් සමහර ද්‍රව්‍ය නාම වෙනුවට වෙළඳ නාමයන් ආමන්ත්‍රණය කරනා (උදා, රෙදිසොදන සබන් = සන්ලයිට්,  පී.  වී. සී පයිප්ප = එස්ලෝන් ආදී) සමාජයක කොටස්කරුවන් වන අප අලුතින් බිහිවන (බිහිකරවන) ඕනෑම රැවටිල්ලක ගිල්වා තැබියහැකි මිනිස් කුලකයක් බව තවතවත් පසක් කරමින් අලුත් අලුත් රැවටිලි එකක් පසුපස තවෙකක් බිහිවන්නේ ඉහත සඳහන්කළ කාරනා තවතවත් ප්‍රත්‍යක්ෂ කරවමින් වීම කණගාටුවට කරුණක්.
ඉහත ආකාරයටම පසුගිය දිනවල පැනනැගී සුළු මතබේද හෝ සිත්තැවුල් ආදිය නිසා එල්ලී මියයාමේ රැල්ල, දරුවන් සමග මවුවරුන් ලිං වලට පැනීමේ රැල්ල ආදී රැලි වලට අලුතින්ම සිරුරට ගිනිතබා ගැනීමේ රැල්ලක් එක්නොවේවා යන්න මගේ පැතුමයි. නැතිනම් ලාබ ජනප්‍රියතාවය ලබාගැනීම සඳහා හෝ ගුවන්යානයකින් ගමන්කිරීමේ වරප්‍රසාදය තකා හෝ කඩිනම්  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතහැකිදැයි උරගා බැලීමට හෝ තවත් එකෙක් සිරුරට ගිනි තබා ගත්  පුවත අසන්නට  සිදුවන දිනය  ඈතක නොවනු ඇත.



පින්තුරය උපුටාගැනීම  >>>  http://odinemb.deviantart.com/art/Fire-bull-130207730