Search This Blog

Thursday, May 24, 2012

             බමුණා සහ තිරිඟු කරල

ඔන්න ඉස්සරම ඉස්සර හිටපු බමුණෙක් ලඟට ආපු එයාගේ ගෝලයා අහනවා ගුරුතුමනි කසාද බඳින්න හොඳම ගෑනු ළමයාව හොයාගන්නේ කොහොමද කියල.
උත්තරයක් දෙන එක පසුවට තියපු බමුණා ගෝලයාට වැඩක් පැවරුවා.
පැවරුම තමයි ඉස්සරහ තිබුණු තිරිඟු හේනක් පෙන්නලා එකේ තියන හොඳම තිරිඟු කරල කඩාගෙන එන්න කියපු එක.
හැබැයි ඒකට අදාළ නීති කීපයකුත් තිබුනා. 

පළමු නීතිය තමයි  හේනේ තියන හොඳම තිරිඟු කරල අරගෙන එන්න ඕනේ කියන එක.
දෙවැන්න තමයි ඒ ගමනේදී කොයි වෙලාවකවත් එක වරක් හොඳම තිරිඟු කරල යැය් තීරණය කර එහෙත් වෙනත් හොඳ කරලක් බලාපොරොත්තුවෙන් පසුකරයනලද තිරිඟු කරලක් වෙනුවෙන් ආපසු හැරී නොයන බව.
මේකනම් ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි කියල හිතපු ශිෂ්‍යා වැඩේට බැස්සා.
පලවෙනි දෙවෙනි පාත්ති පහුකරනකොටම හොඳ හොඳ තිරිඟු කරල් හමුවුනත් තමන්ගේ දක්ෂකම පෙන්වන්නත් ගුරුතුමාගේ හිත දිනාගන්නත් බලාපොරොත්තුවෙන් තවතවත් හොඳම තිරිඟු කරලක් හොයා හොයා ඉදිරියටම යන්නට උනා.
ඔය විදිහට ඉදරියට ඉදරියට යනකොට තමයි තේරුනේ දැන්නම් තිරිඟු හේන පහුවෙන්නත් ළඟ බව.
කලබලයටත් බයටත් පත්වෙච්ච ශිෂ්‍යා මදක් නැවතී හිතන්නට පටන්ගත්තා. තවත් ඉදරියට ගියොත් හොඳම තිරිඟු කරලක් නෙලාගනීමේ අවස්ථාව නැතිවෙන්නටත් පුළුවන් බවත් එහෙත් ගුරුතුමාට වුනු පොරොන්දුවට අනුව ආපසු හැරී යාම කළනොහැක්කක් බවත් එබැවින් ඉදිරියේ හමුවන තරමක්හෝ හොඳ තිරිඟු කරලක් නෙලාගෙන ගොස් ගුරුතුමාට පෙන්වීම හොඳ බවත් තීරණයකල ශිෂ්‍යා ඉදිරියේම හමු වූ තරමක් හොඳ පෙනුමක් ඇති තිරිඟු කරලක් නෙලාගෙන ගුරුතුමන්ව හමුවුනා.
තමන්ගේ ශිෂ්‍යා ඇමතූ ගුරුතුමා හොඳම දේවල් හොයන්නට යාමෙන් ඇතිවියහැකි විපාක පෙන්වාදී තමාගේ දියනියවද විවාහ කර දුන්නා.

පසුවදන
මේක පෞව්ද්ගලික අත්දැකීමක් නොවනබව කරුණාවෙන් සලකන්න. නම් ගම මනක්කල්පිතයි.