Search This Blog

Monday, June 6, 2011

බිලින් ඇඹුල



අවශ්‍ය ද්‍රව්‍ය :

හොඳින් පැසුණු බිලින්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
ලුණු කැට ස්වල්පයක්
හීන් කොච්චි ස්වල්පයක්






සාදන පිළිවෙල :

බිලින් හොඳින් සෝදා දිය පෙරාගන්න.
මැටි ඇතිලියක් ගෙන එහි පතුලට කෙසෙල් කොලයක් අතුරා ඒ මත බිලින් තට්ටුවක් අතුරා ගන්න.ඒ මතට ලුණු කැට ස්වල්පයක් ගම්මිරිස් ඇට ස්වල්පයක් හා කොච්චි කරල් කීපයක් දමා ගන්න.තට්ටු ආකාරයට ඇතිළිය පිරෙන තුරු බිලින් අසුරා ගන්න.
බිලින් කළු පැහැගැන්වී තෙතමනය හිඳෙන තෙක් මද ගින්දරේ තිබෙන්නට හරින්න.කලවම් කිරීමට අවශ්‍යනම් හැඳි පාවිච්චි නොකර ඇතිළිය සෙලවීමෙන් පමණක් එය කරන්න.
රස්නය නිවුණු පසු පිරිසිදු බෝතල් වල අසුරා ගන්න.
නැවත පාවිචිචියේදී පිරිසිදු හැඳි පමණක් යොදාගන්න.
මෙසේ සාදාගත් බිලින් ඇඹුල මාස කීපයක් කල්තබාගත හැක.
මෙය ව්‍යංජන රසවත් කිරීමට මෙන්ම කටගැස්මක් ලෙසද යොදාගතහැක.

බිලින් ආම්ලිකතාවයකින් යුක්ත බැවින් කිසිවිටකත් ඇලුමිනියම් හැඳි හා භාජන පාවිචිචි නොකලයුතු අතර උෂ්ණාධික ආහාරයක් බැවින් පාවිචිචියේදී ප්‍රවේසම්සහගත වියයුතුය.

1 comment:

  1. නියමයි. මෙහෙත් බිලින් තියෙන නිසා අම්මට කියලා හඩෝ ගන්න ඕනේ ... තැන්ක්ස් මේ ලිපිය පෝස්ට් කලාට

    ReplyDelete