Search This Blog

Monday, June 27, 2011

කරවල සම්බෝලය


අවශ්‍ය ද්‍රව්‍ය:
1. කරවල කැබලි කිහිපයක්
2. රතු ලූනු ගෙඩි කීපයක්
3. කුඩා තක්කාලි ගෙඩියක් 
3. අමුමිරිස් ස්වල්පයක්
4. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
5. දෙහි යුෂ ස්වල්පයක්
6. රස පදමට ලූනු

සාදන ආකාරය :
හොඳින් සෝදා ගත් කරවල කැබලි කීපය උණු අළු යට දමා හොඳින් පුලුස්සාගන්න 

(අළු සොයාගැනීමට නොහැකිනම් ගෑස් ලිපට අල්ලා පුළුස්ස ගන්න )
හොඳින් අළු ඉවත් කිරීමෙන් පසු කරවල කැබලි සිහින්වට කඩාගන්න.
පොඩියට කපාගත් තක්කාලි, අමුමිරිස් හා
රතු ලූනු සමග කැබලි කරගත් කරවල එකට කලවම් කර එයට රස අනුව ලූනු,ගම්මිරිස් කුඩු හා දෙහි යුෂ එක්කරගන්න.


ප්‍රීතිමත් ආහාරයක් වේවා !

No comments:

Post a Comment